පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කරගැනීමේ අරමුණින් පවත්වන ක්ලීන් ශ්‍රී ලංකා ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන මෙම මස 21 වනදා පෙ. ව. 9. 00 සිට ප. ව. 4. 00 දක්වා මාතලේ නාඋල යොවුන් සේනාංක පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මධ්‍යම පළාත් සභාව, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල , නගර සභා සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කරනවා.
මෙම ජංගම සේවා වැඩසටහනේ දී ජනාධිපති අරමුදල් ප්‍රතිපාදන ලබා ගැනීම, ඉඩම්, උප්පැන්න. විවාහ, EPF, ETF අස්වැසුම, සමෘද්ධි සහ නිවාස අධාර සම්බන්ධ ගැටළු වලට විසදුම් ලබාදීම , අක්ෂිසායන , දන්ත සායන, මාතෘ හා ළමා සෞඛ්‍ය, බෝනොවන රෝග පිළිබඳ බටහිර සහ දේශීය සෞඛ්‍ය වෛද්‍ය කඳවුරු සහ විශේෂඥ වෛද්‍ය සේවා ලබාදීම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සහ දෙස් විදෙස් රැකීරක්ෂා අවස්ථා සහ වෘත්තීය පුහුණු අවස්ථා සම්පාදනය ඇතුලු සේවා රැසක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.
මෙම ජංගම සේවා වැඩසටහන සඳහා විවධ විෂයන්ට සේවා අංශ 30 ක් නිලධාරීන් 800 ක් පමණ සහභාගී වන අතර සේවා පහසුකම් සපයන ප්‍රදර්ශන කුටි 100 ක් ක්‍රියාත්මකයි.
මෙම වැසසටහනට සමගාමීව නොවැම්බර් 22 දා සිට දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි පාරිසරික පවිත්‍රතාව ඉලක්ක කොටගත් කසල කලමනාකරණ, පොලිතින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණ වැඩසටහන්, ඩෙංගු ඇතුළු බෝවන රෝග මැඩ පැවත්වීමේ වැඩසටහන් රැසක්ද කලාව සාහිත්‍ය, සංස්කෘතික සහ ආචාර්ධර්මීය වටිනාකම් ප්‍රචලිත කිරිමේ වැඩසටහන් ගී රස වින්දන හා සංගීත වැඩසටහන් ,චිත්‍ර, විදි නාට්‍ය, බලි තොවිල් ආදී සාම්ප්‍රදායික ශාන්ති කර්ම සහ ජනශ්රැති සංරක්ෂණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.
