පොලීසියට අපහාස වන පරිදි ෆේස්බුක් ඔස්සේ අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ව්‍යාජ ගිණුම් භාවිත කරමින් එය සිදුකර ඇති බවටයි තොරතුරු හෙළි වුණේ. පිටිගල පොලීසිය වැටලීම සිදුකර තිබෙන්නේ නාරංඕවිට පොරවගම ප්‍රදේශයේදී. සැකකරු පිටිගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.