පුත්තලම පාලවිය ප්රදේශයේදී බීඩි කොල කිලෝග්රෑම් 1535 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නීති විරෝධීව මෙරටට ගෙන් වූ බීඩිකොල තොගයක් ලොරි රථයකින් ප්රවාහනය කරමින් සිටින බවට තොරතුරක් නාවික හමුදාවට ලැබී තිබුණා.
ඒ අනුව නාවික හමුදා නිලධාරීන් පාලවිය ප්රදේශයේදී සැකකටයුතු ලොරි රථය පරික්ෂා කිරීමට කටයුතු කිරීමත් සමග සැකකරුවන් පලාගොස් තිබෙනවා.
රථය පරික්ෂා කිරීමේදී ඇසුරුම් 16 ක් ලෙස සලසා තිබූ ඉන්දියාවේ සිට රැගෙන ආ බීඩිකොල කිලෝග්රෑම් 1535 ක් සොයා ගැනුනු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 75 ඉක්මවන බවයි නාවික හමුදාව සදහන් කරන්නේ.