තංගල්ල මූලික රෝහලේ පහසුකම් වැඩි දියුණු කරමින් සේවාවන් තවත් වර්ධනය කිරීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා.
තංගල්ල මූලික රෝහලේ සෞභාග්‍යා සුව අරණ දෙමහල් හෘද රෝග දැඩිසත්කාර ඒකකය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. තංගල්ල මූලික රෝහලේ හෘද රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම්වල දැඩි හිඟයක් පැවතුනා. එම පහසුකම් සළසා දෙමින් නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණා.
රුපියල් ලක්ෂ 400 ක් වටිනා වෛද්‍ය උපකරණ ද මෙහිදී පරිත්‍යාග කෙරුණා. අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් රුහුණු කරලිය මානව සංවිධානය සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය මතයි එම ඉදිකිරීම් සිදු කෙරුණේ.
ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් රුහුණු කරලිය මානව සංවිධානය හා ව්‍යාපාරික ප්‍රජාව වැය කර තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය ද මේ සදහා රුපියල් ලක්ෂ 250 ක් වටිනා වෛද්‍ය උපකරණ හා දැඩි සත්කාර ඒකක ඇදන් ලබාදී ලබාදීමටයි කටයුතු කළේ.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/I-gVKybBqis”]