ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තිස් පන් දහස ඉක්මවා තිබෙනවා.
ඊයේ සවස සිට අද (01) දක්වා අලුතින් ආසාදිතයන් 1433 දෙනෙකු හදුනාගෙන ඇතිබවයි ඉන්දිය සෞඛ්‍ය අංශ සදහන් කළේ.
පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 73 ද සමඟින් මේ වන විට මරණ සංඛ්‍යාව 1154ක් . රටවල් 72 කට අයත් විදේශිකයන් හැට දහසකට ආසන්න පිරිසක් ඉවත් කිරිමට ද ඉන්දිය බලධාරින් කටයුතු කළා.
