නිරිතදිග නේපාලයේ කඳුකර ප්‍රදේශයකදි බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නේපාල වාර්තා සදහන් කළා. විනෝද චාරිකාවක නිරතවූ පාසල් ළමුන් සහ ගුරුවරුන් රැගත් බස් රථයක් මෙලෙස මීටර් 700 ක් පමණ ප්‍රපාතයකට පෙරලි ගොස් තිබෙනවා. පසුගිය සතියේ ද මධ්‍යම නේපාලයේ දී ට්‍රක් රථයක් මීටර් 400 ක පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.