පවතින වැසි තත්ත්වයත් සමග කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය වාන් දොරටු විවෘත කිරීමට ශ්රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඉහළ යන ජල මට්ටම පිටාර තත්ත්වයක් දක්වා වර්ධනය වීම හේතුවෙනුයි මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ. නුගවෙල,මාවතුර,ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය ඇතුළු ප්රදේශවල ජනතාව මේ පිළිබද විමසිල්ලෙන් පසුවිය යුතු බව මහවැලි අධිකාරිය පවසනවා. මහවැලි ගගට බැසීම හෝ දිය නෑම අනතුරුදායක බැවින් එවැනි කටයුතු වලින් වැලකී සිටින ලෙසයි මහවැලි අධිකාරිය ජනතාව වෙත දැනුම් දෙන්නේ.
