fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනය බෙදා වෙන් කිරීමට කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 16:17

චීනය බෙදා වෙන් කිරීමට කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ

චීනය බෙදා වෙන් කිරීමට කිසිවෙකුට හෝ ඉඩ නොතබන බව චීන ජනාධිපති ෂි ජින් පින් මහතා අවධාරණය කරනවා.

චීන ජනාධිපතිවරයා සිය නේපාල සංචාරය අතරතුරදීයි මෙම අනතුරු ඇගවීම සිදු කළේ. වසර 23කට පසුවයි චීන ජනාධිපතිවරයෙකු නේපාලයේ සංචාරයක නිරත වන්නේ. චීනයට අත පෙවීමට උත්සාහ කරන බාහිර බලවේග පරාජය කිරීමට අවශ්‍ය සියලු විධිවිධාන යොදන බව ෂී ජින් පින් මහතා සංචාරය අතරතුරදී ප්‍රකාශ කළා. චීනය ලබා ඇති සෞභාග්‍ය මෙන්ම එහි ස්වාධීනත්වයට හානි කිරීමට විවිධ බලවේග කටයුතු කරමින් සිටින බවද ඒ මහතා කියා සිටියා. නේපාලයට ඉදිරි දෙවසර තුලදී ඇමෙරිකා ඩොලර් බිලියන 56 ක ආධාරයක් ලබා දෙන බවට ද චීන ජනාධිපතිවරයා පොරොන්දු වුණා. මෙවර සංචාරයේදී ඇමෙරිකා ඩොලර් බිලියන 3.5 ක ආධාර මුදලක් නේපාලයට ලබා දීමටයි ෂී ජින් පින් මහතා කටයුතු කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo