අයහපත් කාලගුණයෙන් විපතට පත් උතුරේ ජනතාවට මුදල් ආධාර ප්රදානය කිරීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(03) සිදු කෙරුණා.
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැළසීමේ කටයුතු සොයා බැලීම සදහා කතානායකවරයා අද (03) කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. අනතුරුව කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී ඒ පිලිබද සාකච්ඡාවක්ද පැවැත්වුණා. එහිදී පවුල් 90 කට රුපියල් 10000 බැගින් චෙක්පත් බෙදාදීමද සිදු කෙරුණා. අමාත්‍ය දයා ගමගේ මහතා සහ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වුණා.
මේ අතර අයහපත් කාලගුණයත් සමග ඇති වූ ආපදා තත්ත්වය අඩුවෙමින් පවතින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/uBdfL1OttVI”]
