ලොව පළමු දිය යට හමුදා කෞතුකාගාරය ජෝර්දානයේ දී විවෘත කෙරුණා.
ජෝර්දානයේ දකුණුදිග ප්‍රදේශයේ අකාබා වෙරළ නගරයේ රතු මුහුද ආසන්නයේයි මෙය පිහිටා තිබෙන්නේ. ඒ මුහුදු මට්ටමේ සිට මීටර් 28ක් ගැඹුරින්. යුධ ටැංකි, ගුවන් යානා, හෙලිකොප්ටර් යානා හා යුද උපකරණ රැසක් මෙම දිය යට කෞතුකාගාරයේ දී දැක ගැනීමට හැකියාව පවතිනවා. මෙය සංචාරකයින්ට නවමු ආකාරයේ අත්දැකීමක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
