සංචාරක බංග්ලාදේශය සමග පැවැත්විමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සිය අවසන් පුහුණුවීම් කටයුතු වල නිරත වුනා.
දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ආර් ප්‍රේමදාස ක්රිඩාංගනයේදී හෙට (26) ආරම්භ වනවා. දිවා රාත්‍රී තරගයක් ලෙසයි මෙය පැවැත්වෙන්නේ. ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක ලක්ෂාන් සදකැන්, ළහිරු මධුසංක සහ අමිල අපොන්සු ඇතුලත්ව නැහැ. ලෝක කුසලාන සංචිතය හා සැසදීමේදී මෙම සංචිතයේ වෙනස්කම් 06ක් සිදු කර තිබිම විශේෂත්වයක්.
ලසිත් මාලිංග පළමු තරගයට ක්‍රිඩා කරන අතර දසුන් ශානක දෙවන හා තෙවන තරගයට පමණක් ක්‍රීඩා කරනු ඇති. ලසිත් මාලිංග සිය එක්දින ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගයද මෙයයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට (26) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේ සියලු ප්‍රවේශපත්‍ර මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
පුහුණුවිම් අතරතුරදී හෙට(26) තරගය පිලිබදව ලසිත් මාලිංග ITN ප්රවෘත්ති අංශ වෙත මෙසේ අදහස් දක්වා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/q9t0SvDNqQM”]