බස්නාහිර පළාත් අන්තර් දිස්ත්රික් ජවන හා පිටිය මළල ක්රිඩා උළළේ ශුරතාව දිනා ගැනිමට ගම්පහ දිස්ත්රික් කණ්ඩායම සමත් වුණා.
45 වන ජාතික මහා ක්රිඩා උළෙලට සමගාමීව කොළඹ සුගතදාස ක්රිඩා පිටියේදී පැවති තරගයට ක්රිඩක ක්රිඩිකාවන් 350 ක් එක්ව සිටියා. රන්පදක්කම් 96ක් ලබා ගත් ගම්පහ දිස්ත්රික් කණ්ඩායම ශුරතාව දිනා ගත්තා. රන් පදක්කම් 74ක් සමඟින් අනුශුරතාව දිනා ගැනිමට කොලඹ දිස්ත්රික් කණ්ඩායම සමත් වුණා. මළල ක්රිඩා පිරිමි අංශයේ ශුරතාව දිනා ගත්තේ රන්පදක්කම් 10ක් දිනා ගත් ගම්පහ දිස්ත්රික් කණ්ඩායමයි. එහි අනුශුරතාව කොළඹ දිස්ත්රික් කණ්ඩායමට හිමි වුණා. මළල ක්රිඩා කාන්තා ශුරතාව රන් පදක්කම් 13ක් දිනා ගත් ගම්පහ දිස්ත්රික් කණ්ඩායම හිමි කර ගත්තා.
