fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆෝමියුලා වන් ශුරයෙකු වන නිකී ලාඩා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 14:49

ෆෝමියුලා වන් ශුරයෙකු වන නිකී ලාඩා අභාවප්‍රාප්ත වෙයි

ලෝක ශූරතා ෆෝමියුලා වන්  ශුරයෙකු වන ඔස්ට්‍රියාවේ නිකී ලාඩා අද අභාවප්‍රාප්ත වුණා.  ඒ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වීම හේතුවෙන්.

නිකී ලාඩා මිය යන විට 70 වෙනි වියෙහි පසු වුණා.  ඔහු ලෝක ශූරතා ෆෝමියුලා වන් ශුරතාව තුන්වතාවක් දිනා ගෙන තිබෙනවා. ඔහු පළමුවරට 1975 වසරේදී ෆෙරාරි කණ්ඩායම වෙනුවෙන් ෆෝමියුලා වන් ශූරතාව දිනා ගත්තා. 1976 වසරේදී ජර්මන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේදී අනතුරට ලක් වී ඔහුගේ රථය ගිනි ගැනීමටද ලක් වුණා. ඉන් පසුව නැවතත් තරග බිමට පිවිසි නිකී ලාඩා 1977 වසරේදී සහ 1984 වසරේදී නැවතත් ෆෝමියුලා වන් ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. මෙම වසරේ ජනවාරි මාසයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වී ඔහු දින 10 ක් පමණ එම රෝගයෙන් පීඩා වින්දා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 14:49

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්