එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සළසන මූල්‍ය පහසුකම් තවදුරටත් වැඩිකිරිමට රජය තීරණය කළා. මේ වනවිටත් ඒ සඳහා විශාල ඉල්ලුමක් හිමිව තිබෙනවා.
දැනට ආවරණය නොවන අංශ ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා. විදේශ සේවා නියුක්තිකයන්, පෞද්ගලික ප්‍රවාහන සේවා සහ ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ද එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරිමටයි සැලැසුම් කර ඇත්තේ.