සදෙහි පාෂාණ පොළවට රැගෙන එන තුන්වන රට බවට පත්වූ චීනය සඳ මත තම රටේ ධජය ප්‍රදර්ශනය කළ දෙවන රට බවට පත්වුණා.
චීන චාන්ගි ෆයිව් අභ්‍යවකාශ මෙහෙයුමේ දී විශේෂයෙන් සැකසූ තරු පහකින් යුත් රතු චීන ධජය සද මත රැදවීමට චීනය කටයුතු කළා. සද මතුපිට පෘෂ්ඨයෙන් සාර්ථකව පාෂාණ සාම්පල ලබාගත් ගවේශන යානාව මගින් ඊට සම්බන්ධව පැවති චීන ජාතික ධජය ස්වයංක්‍රීයව සද මතුපිට ඔසවන ආකාරය දැක්වෙන දර්ශන චීන පරිපාලනය මගින් නිකුත්කර තිබෙනවා. විශේෂයෙන් සකස් කළ අමුද්‍රව්‍ය යොදාගනිමින් සාදන ලද ජාතික ධජය සද මතුපිට ප්‍රදර්ශනය කළ ප්‍රථම අවස්ථාව ද මෙය වන බවයි චීන රජය පවසන්නේ.
සද මතුපිට ප්‍රබල විද්‍යුත් චුම්භක විකිරණ සහ අධි උෂ්ණත්වයට සරිලන සේ වර්ණය වෙනස් නොවන ආකාරයට ධජය දිගුකාලයක් පැවතීමේ හැකියාව ඇතිව නිර්මාණය කිරීම විශේෂත්වයක්.
මෙම ධජයේ බර ග්‍රෑම් 12 ක් පමණ වනවා. මෙම ක්‍රියාවලිය සදහා චීන විද්‍යාඥයින් වසරක පමණ කාලයක් වෙහෙසවෙමින් කටයුතු කළ බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.