පාර්ලිමේන්තුව ලබන 23 වනදා දක්වා කල් තැබුණා. අද පස්වරු 1.30 පාර්ලිමේන්තුව රැස්වූ අතර පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව පාර්ලිමේන්තුව කල් තබන බව නියෝජ්‍ය කතානයක ආනන්ද කුමාරසිරි මහතා සභාවට දැනුම් දුන්නා.
Contents
[ot-video type=”youtube” url=”https://youtu.be/gD_ebHW9BqA”]
Update: පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි
අද(19) පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබු නමුත් නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණි.
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි – පක්ෂ නායක හමුවක් පෙරවරු 11.30ට
පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී සිදුකෙරෙන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එය පෙරවරු 11.30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කළා.
