එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 87කින් ජයග්‍රහණය කිරිමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පලමුව පන්දු රැකිමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු අසුවක සබඳතාවක් ගොඩනැගුවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු නායක අරෝන් ෆින්ච් හයේ පහර පහක් සහ හතරේ පහර 15ක් ද සමඟින් ලකුණු 153ක් රැස් කළා. ඔහුට අනගි සහයක් වෙමින් ස්ටිවන් ස්මිත් ලකුණු 73ක් රැස් ලබාගත්තා. මේ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 334ක් රැස් කළා. පන්දු යැවිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජයද සිල්වා සහ ඉසුරු උදාන කඩුලු 02ක බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සාර්ථක සබඳතාවක් ගොඩනැගුවා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 97යි. කුසල් ජනිත් පෙරේරාට ලබා ගත හැකි වුයේ ලකුණු 52ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ගේ වගකිම් විරහිත පිතිකරණය මෙම තරගයේදීත් කැපි පෙනුණා. ශ්‍රී ලංකා කන්ඩායම ඊයේ දින තරග බිමට පිවිසුනේ එක් වෙනස්කමක්ද සමඟින්. ඒ සුරංග ලක්මාල් වෙනුවට මිලින්ද සිරිවර්ධන සංචිතයට කැදවා තිබුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 5ක් අවසානයේ ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවි ලකුණු 247ක් පමණයි. පන්දුයැවිමේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මිචෙල් ස්ටාක් ලකුණු 55කදී කඩුලු 04ක් බිද හෙලුවා.
තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගි වුයේ නැහැ. ඊට හේතුව ලෙස කණ්ඩායම් කළමනාකරු අසන්ත මෙල් මහතා ITN ප්රවෘත්ති අංශය වෙත ප්‍රකාශ කර සිටියේ ප්‍රකාශ මැද පෙළ පිතිකරුවන් අසාර්ථක විම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නගන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ක්‍රිඩයින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සලකා බලන බවයි එහි නියෝජිතවරයා මාධ්‍ය හමුව අතරතුරදී ප්‍රකාශ කළ සිටියේ.