තමා අග්රාමාත්ය ධුරයෙන් ඉවත් කිරිමෙන් බේරක්සිට් ගනුදෙනුව පහසු නොවන බව බි්රතාන්ය අග්රාමාත්ය තෙරේසා මේ ප්රකාශ කළා. ඒ ඇය අග්රාමාත්ය ධුරයෙන් ඉවත් කිරිම සඳහා විශ්වාසභංගයක් ගෙන එන බවට ඇයට විරුද්ධ කණ්ඩායම් සිදුකර චෝදනාවලට පිළිතුරු දෙමින්.
යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා කෙටුම් පත් කර ඇති ගිවිසුම එළඹෙන සතියේදී වඩාත් තීරණාත්මක වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා. ඉන්පසු බි්රතාන්ය සහ යුරෝපා සංගමය සබඳතා පවත්වන ආකාරය සම්බන්ධයෙන් වන යෝජනා කිහිපයකට තෙරේසා මේ කැමැත්ත පළකර තිබෙනවා. එහෙත් යුරෝපා සංගමය බි්රතාන්යට බලපෑම් එල්ල කරන බවටයි හිටපු බේරක්සිට් ලේකම් ඩොමිනික් රාබ් ප්රකාශ කළේ. ලබන වසරේ මාර්තු 29 වනදා සිට බි්රතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතයි.
