ශ්‍රිපාද පුජා භූමිය පුජා නගරයක් බවට පත්කිරීමේ හිමිකම් ඔප්පුව ශ්රිපාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේට පිළිගැන්වීම අද (05) සිදුවනවා.
පුන්යෝත්සවය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ ගල්පොත්තාවල රජමහාවිහාරස්ථානයේදී.
රත්නපුර සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය රාජ්‍ය උත්සවයක් බවට පත්වන ගැසට් පත්‍රය බස්නායක නිලමේවරයාට පිරිනැමීමද අද (05) සිදුවනවා.
