2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය සඳහන් කරනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 25 තුළ සංචාරකයින් 109,213ක් මෙරටට පැමිණ ඇති බවයි.
එහිදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්.
