සමාජ සංවර්ධනයේ ග්‍රාමක බලවේගය මෙන්ම නිෂ්පාදන සාධක අතර ප්රමුඛ වන්නේ මානව ශ්‍රමයයි.
එම ශ්රමයට නිසි ගෞරවය , පිළිගැනීම ලැබෙන්නේ නම් ගෞරවනීය වෘත්තීය ජීවිතයක් අපට ලබාගැනීමට හැකිවනු ඇත.
කාර්යක්ෂම ශ්‍රම සම්පතක් ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ජාතික ජන බලවේග ආණ්ඩුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් රටේ ජනතාවට ඉදිරිපත් කළ පොරොන්දුව අද මහ පොළොවේ යථාර්ථයක් වෙමින් පවතී.
ශ්රමයට නිසි ගෞරවය හා පිළිගැනීම ලැබෙන ලෙසත් සියලුම ශ්‍රේණීන්ගේ ශ්‍රමිකයන්ට සමානාත්මතා මූලධර්මය මත සැලකීමට හැකිවන ආකාරයේ සේව්‍ය සේවක සම්බන්ධතා ජාලය මානුෂීයකරණයට ලක්කිරීම ඒ සඳහා ක්‍රමයක් ස්ථාපනය කිරීම රජයේ වැඩපිළිවෙළයි.
එම ඉලක්කය සපුරා ගැනීම සදහා වසර දෙකක කාලයක් තුළ සැලකිය යුතු ප්‍රමාණයක වැඩ කොටසක් කිරීම කම්කරු අමාත්‍යංශය සමත් වී තිබෙනවා.
රැකියා සුරක්ෂිතතාව , ජීවත්වීමට සරිලන වැටුප් වැඩිවීමක් , යල්පැනගිය අසාධාරණ කම්කරු අණපනත් සංශෝධනයන් , නීතිමය ප්‍රතිසංස්කරණ , වෘත්තීය අයිතිවාසිකම් ලබාදීම් ආදී ප්රගතිශීලී වෙනස්කම් රැසක් ලබාදීමට වත්මන් රජය පියවර ගැනීම කම්කරු ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.
ජීවත්වීමට සරිලන වැටුපක් ලබාදියව් යන්න සටන්පාඨය සැබෑවක් කරන්නට රජය මුල්ම පියවර ගනු ලැබීය.
එහිදී රජය , රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම වැටුප් වැඩිකිරීම් සදහා පියවර ගත්තේය.
පෞද්ගලික අවම වේතන පනත සංශෝධනය කිරීම එනම් රුපියල් 21,000 සිට 31,000 දක්වා ඉහළ නැංවීමට මේ වනවිටත් කටයුතු කර තිබෙනවා.
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම මෙන්ම දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීන රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම රාජ්‍ය සේවයට අලුතින් 125,000ක් බදවා ගැනීම ද මේ යටතේ සුවිශේෂී වනවා.
වතු කම්කරු වැටුප් වැඩිකිරීම ද සුවිශේෂී වන්නේ කිසිදු සටනක් අරගලයක් නොමැතිව වත්මන් ආණ්ඩුවෙන් වතු කම්කරු වැටුප් ඉහළ නංවා ගැනීමට හැකිවීමයි.
වසර ගණනාවක් පුරා හෝටල් ක්ෂේත්රයේ රැකියා කළ කාන්තාවන් මුහුණ දුන් නීතිමය ගැටලුවලට විසදුම් ලබාදෙමින් ඊට අදාළ පනත් සංශෝධනය කිරීමට ද රජය පියවර ගෙන තිබුණා.
2023 වසරේ සිට අක්‍රීයව පැවතුනු ජාතික කම්කරු උපදේශක සභා පිහිටුවීමට ද වත්මන් රජය කටයුතු කළා.
වත්මන් රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන්නේ රට ඩිජිටල්කරණයට ලක්කිරීමයි.
කම්කරු අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන ආයතනයක් වන කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා වඩාත් කඩිනම් කිරීම , ඵලදායී කිරීම මෙන්ම සේවා ලබාගැනීමට එන ජනතාවට අවම කාලයකින් සේවා සැලසීමත් අරමුණු කර ගනිමින් දෙපාර්තමේන්තුවේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.
අබාධිත ප්‍රජාවට රැකියා පහසුකම් ලබාදීම කෙරෙහිද රජයේ අවදානය යොමු වුණා.
එමෙන්ම අදාළ ආයතන ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ වීමට හා වැඩ කිරීමට හැකිවන පරිදි නිර්මාණය කිරීම කෙරෙහි ද අවධානය යොමුවුණා.
ඒ වෙනුවෙන් පොදු ප්‍ර වේශ පහසුකම් සැලසීමට රජය රුපියල් මිලියන දහසක් වෙන්කළා. ළමා ශ්‍රමය තුරන් කිරීම කෙරෙහිද කම්කරු දෙපාර්තමේන්තුවේ අවදානය යොමු වූ අතර ඒ සදහා දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය නව පියවරයන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.
ළමයින් සේවයේ යෙදවීමේ දඩ මුදල් වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කෙරුණු අතර රුපියල් මිලියන දසදහසකට නොවැඩි දඩ මුදල ඒ අනුව රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට ද නියමිතයි.
සේවා ස්ථානවල වෘත්තීය ආරක්ෂාව , සෞඛ්‍ය හා සුබසාධක කටයුතු කෙරෙහිද අවදානය යොමුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු කම්කරු අණපනත් 49ක් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය ද මේ වනවිට කම්කරු අමාත්‍යංශය ආරම්භ කර තිබෙනවා.
සමාජ සංවර්ධනයේ ගාමක බලවේගය මෙන්ම නිෂ්පාදන සාධක අතර ප්රමුඛ වන්නේ මානව ශ්‍රමයයි.
එම ශ්රමයට නිසි ගෞරවය ලබාදීම සඳහා කම්කරු අමාත්‍යංශය මේ වනවිටත් සුවිශේෂී වූ වැඩකොටසක් ඉටුකර තිබෙනවා.
