මෙරව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 110 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රොෂාන් ධම්මික සමත්වුණා.
මේ අතර මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ පිරිමි මූලික වටයේ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කල එෆ් ඒ මොහොමඩ් සමත් වුණා.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද දිනයේ බර ඉසිලීම , බොක්සිං , පිහිණුම් සහ ධාවන තරග පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාව තබා තිබූ තවත් පදක්කම් බලාපොරොත්තුවක් ගිලිහී ගියා.
ඒ කිලෝග්‍රෑම් 71 බර පන්තිය යටතේ බර ඉසිලීමේ ඉසව්වෙන් තරග බිමට පිවිසි ඉන්දික දිසානායක එම ඉසව්වෙන් පරාජයට පත්වීමත් සමගයි.
අනතුරුව පැවති මීටර් 100 පිරිමි මූලික වටයේ තරග සදහා එක්වූ චමෝද් යෝදසිංහ සහ දිනෙත් වීරරත්න එම මූලික වටවල 3 වන ස්ථානය දිනා ගැනීමට සමත්වුණා.
නමුත් ඔවුන්ට අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට හැකිවුණේ නැහැ.
අනතුරුව පැවති මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වට එක්වූ රොෂාන් ධම්මික එම ඉසව්වේ මූලික වටයේ 4 වන ස්ථානය දිනාගත්තේ එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින්.
එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය තත්පර 14.11ක් ලෙස දැක්වෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.45ට රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු මතින් දිමේ අවසන් මහා තරගයට තරග වැදීමට නියමිතයි.
මේ අතර මීටර් 100 පිරිමි නිදහස් ආර පිරමි තරගයට එක්වූ එෆ් ඒ මොහොමඩ් එම ඉසව්වේ මූලික වටයේ පළමු ස්ථානය දිනාගැනීමට සමත්වුණා.
ඒ සඳහා ඔහු ගතකළ කාලය තත්පර 53ක්.
