දෙවිනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්ථනය සඳහා අවසර ලබාදී තිබෙනවා.
ඒ මාතර දිසාපති කාර්යාලයේ අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.
කෙසේ වෙතත් අදාළ නර්තන කණ්ඩායම් වලට පෙරහැරට ගැලපෙන සේ විනයානුකූලව කටයුතු කරන ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.
දෙවිනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ කාවඩි නර්ථනය සම්බන්ධයෙන් පසුගිය දිනවල ගැටලුකාරී තත්ත්වයක් මතුවූ අතර අදාළ කාවඩි නර්ථනය ඉවත් කරන ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා ද ඉදිරිපත් වුණා.
කෙසේ වෙතත් මතුවූ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා මාතර දිසාපති කාර්යාලයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී තීරණය කෙරුණේ මෙම පෙරහැරේ නර්ථනය සඳහා කාවඩි නර්තන කණ්ඩායම් වලට අවස්ථාව ලබාදීමටයි.
