සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා දින 08ක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි තරුණයා ඊයේ (11) මියගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ තිහාරිය කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන ශානුක රවිඳු නමැති තරුණයායි.
මෙම තරුණයා යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙක් බව සඳහන්.
මෙම තරුණයාගේ මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරු තීරණය කිරීමත් සමඟ ඔහුගේ වකුගඩු අක්මාව ඇතුළු ශරීර අවයවයන් දන්දීමට තරුණයාගේ භාරකරුවන් කැමැත්ත පලකර තිබෙනවා.
පවුලේ තොරතුරු සඳහන්කරනු ලබන්නේ තරුණයා මෙම අනතුර සිදුවීමට පෙර ඊට දක්වා තිබුණු කැමැත්තක්ද සලකා බලායි.
මෙම තරුණයා අනතුරට ලක්වන්නේ පසුගිය 03දා අලුයම් කාලයේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගමන්ගත් ජිප් රථය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දී තරුණයා ගමන්කරමින් තිබුණු යතුරුපැදියේ ගැටී ඇත්තේ කෝන්ගස්දෙනිය හංදිය අසල දී යි.
අනතුරින් පසු නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය විසින් නලින් බණ්ඩාර මහතා ගමන්කළ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඔහුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තරුණයාට රුපියල් 50,000ක සානුකම්පිත දීමනාවක් ලබාදෙන මෙන් නියෝගකරමින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරිය බව නිට්ටඹුව පොලිසිය සඳහන් කළා
