ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර හෝර්මුස් සන්ධියේ වෙඩි හුවමාරුවෙන් පසු අද (08) උදෑසන බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල 2.3% කින් ඉහළ ගොස් ඩොලර් 102.40 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම එක්සත් ජනපදය වෙළඳාම් කරන WTI බොරතෙල් මිල 2.1% කින් ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් 96.80ක් ලෙස මේ වනවිට සටහන්ව තිබෙනවා.
මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.66ක් ලෙස සටහන්ව තිබෙනවා.
මෙලෙස දෙරට අතර ඇතිවන මෙම ගැටුම් ඇමරිකා එක්සත් ජනපද – ඉරාන සටන් විරාමය තවදුරටත් අනතුරේ හෙළන බවයි විදෙස් විචාරකයින් පවසන්නේ.
