ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර ගත කර සිටින අදාළ දත්ත ගබඩාව පවත්වාගෙන ගිය සමාගමේ පරිගණක ඉංජිනේරුවරයා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකණය නියෝග කළා.
සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි නියෝග කෙරුණේ. ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබෙනවා.
