පසුගිය ආණ්ඩු යටතේ සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් රුපියල් කෝටි 3000ක් අවභාවිත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනක් කටුනායක ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
බැදුම්කර ගනුදෙනු , කොටස් වෙළඳපොළ ආයෝජන සහ ලැයිස්තුගත නොවන සමාගම්වල ආයෝජනයෙන් අර්ථසාධක සහ භාරකාර අරමුදල් අවභාවිත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
මෙම අරමුදල් ඒකාබද්ධ පරිපාලනයකට ලක් කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයකට විශේෂ කමිටුවක් පත්කර ඇති බවද ඒ මහතා සඳහන් කළා.
