fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා සතොස භාණ්ඩ 6 ක මිල අඩු කරයි

hasiniek
By hasiniek දෙසැම්බර් 28, 2023 16:19

ලංකා සතොස භාණ්ඩ 6 ක මිල අඩු කරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (28) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසනවා.

දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 55 කින්, අර්තාපල් සහ රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5 බැගින් ද, රතු පරිප්පු, සුදු නාඩු සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල බැගින් ද, මිල අඩු කළ බව සතොස සඳහන් කරනවා.

ඒ අනුව දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 475 ක් ද, අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 280 ක් ද, රතු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 175 ක් ද, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 309 ක් ද, සුදු නාඩු කිලෝවක නව මිල රුපියල් 206 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 199 ක් ද, බව සතොස වැඩි දුරටත් සඳහන් කරනවා.

 

hasiniek
By hasiniek දෙසැම්බර් 28, 2023 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්