පසුගිය පාලන කාලය තුළ රාජ්‍ය ආයතන සුදු අලි බවට පත්කර තිබුණ ද වත්මන් රජය පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට වැඩසටහන් ගණනාවක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා.
පදනම් ආයතනයේ පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ජනතා අවශ්‍යතාවන්ට කඩිනම් ප්‍රතිචාර දක්වන රාජ්‍ය සේවාවක් ලබාදීමේ ප්රයත්නයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ උපයාමාර්ගික සැළැස්ම එළිදැක්වීම මෙහිදී සිදුකෙරුණා.
මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ඕස්ට්‍රේලියාවයි.
මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ප්‍රථම ලේකම් සෝයි කිඩ් මහත්මිය ප්‍රකාශ කළේ දෙරටේ ශක්තිමත් බැදීම වර්ධනය කරමින් උපරිම සහයෝගයෙන් කටයුතු කිරීම අපේක්ෂාව බවයි.
