ආනයනය කර ඇති වාහන රේගුවෙන් නිදහස් කර නොගන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසනවා.
මෙරටට ආනයනය කර මාස 6 ඉක්මවූ වාහන 625ක් සහ මාස 3 ඉක්මවූ වාහන 1,025ක් වරාය පරිශ්‍රයේ පැවතින බවයි ඒ මහතා හෙළි කළේ.
