බුදු දහමේ හරය අත්තනෝමතිකව විකෘති කරන ඇතැම් භික්ෂූන් වහන්සේ හේතුවෙන් බුදුදහම යම් පිරිහීමකට ලක්ව ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.
වත්තේගම මීගම්මන රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකදී උන්වහන්සේ මෙම අදහස් පළකළා.
මේ අතර බුදු දහමට එල්ලවන බාහිර අභියෝගයන් ජය ගනිමින් සග පරපුර රැක ගැනීමට කැපවන බවයි නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
මීගම්මන රජමහා විහාරාධිපති පූජ්‍ය මානික්ගමුවේ පියරතන ස්වාමීන් වහන්සේ වෙත අස්ගිරි විහාර පාර්ශ්වයේ දුම්බර ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබෙනවා.
ඊට අදාළ අක්ත පත්‍ර ප්රදානය අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද එම අවස්ථාවට එක්වුණා.
