ගුවන් යානයක එන්ජිමට කාසියක් විසිකළ පුද්ගලයෙකුට දඩ නියම කළ බව චීනය ප්රකාශ කළා.
පලමුවරට ගුවන් ගමනකට එක්වූ 28 හැවිරිදි චීන ජාතිකයා යානයේ ආරක්ෂාව වෙනුවෙන් කාසිය විසිකළ බවයි ප්රකාශ කර තිබෙන්නේ. යුවාන් එකක වටිනාකමින් යුතු කාසිය ගුවන් යානය අසල තිබියදී සොයාගැනීමත් සමගයි පරික්ෂණ ආරම්භ වුණේ.
ගුවන් ගමන අවලංගු කර ගුවන් මගීන් වෙනත් යානයකට මාරුකිරිමට බලධාරින් පියවර ගත්තා. ඉන්පසු ගුවන් යානය පරික්ෂා කළ බවයි චීනය පවසන්නේ.