සංවර්ධන කටයුතු සදහා දේශපාලන මති මතාන්තරවලින් තොරව අත්වැල් බැද ගැනීම අවශ්‍ය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසනවා.
මහනුවර තෙල්දෙණිය මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. ජයන්ත කැටගොඩ මහතා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඒ මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා. මුදල් අමාත්‍යවරයා පක්ෂ පාට භේදයකින් තොරව මහජන නියෝජිතයන් සදහා වෙන් කරන මුදල් ඵලදායී ලෙස භාවිත කළ යුතු බවයි කැටගොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.
