කෘෂිකර්මාන්තය සදහා කාබනික පොහොර පමණක් භාවිත කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ පළමු දියර පොහොර තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒම අද සිදු කෙරෙනවා.
කාබනික කෘෂිකර්මාන්තයක් සදහා වන වැඩපිලිවෙල යථාර්ථයක් කිරීමට කාබනික පොහොර මෙන්ම දියර පොහොර නිෂ්පාදනය ද මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ සදහා ඉදිරිපත්ව සිටින සියලු දෙනා මෙන්ම ගොවිජනතාව ද දිරිගැන්වීමට රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙවර මහකන්නය සදහා එම නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොරවලට අමතරව දියර පොහොර ආනයනයට කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණා.
ඒ අනුව දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මේ වන විටත් ඇණවුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරනවා. එහි පළමු තොගය වන ලීටර් ලක්ෂයක් අද මෙරටට රැගෙන ඒමට නියමිතයි.