මිනුවන්ගොඩ අස්වාන හංදියේ පිහිටි කොප්පරා කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
කර්මාන්ත ශාලාවේ පැවැති කොප්පරා අධික ලෙස රත්වීමෙන් ගින්න හටගෙන ඇති බවයි මූලික පරික්ෂණවලදී හෙළිවුණේ. ගින්න නිවීම සඳහා ගම්පහ නගර සභාවේ ගිනි නිවීමේ රථ වලට අමතරව ගුවන් හමුදාවේ ගිනි නිවන රථයක් ද කැඳවා තිබෙනවා.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි ගම්පහ පොලීසිය සඳහන් කළේ.
