දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. එකම පවුලේ මව සහ පුතුන් දෙදෙනායි මෙම අනතුරට ලක්වුණේ.
එම එක් සිසුවෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අතර එම සිසුවා මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේ දී ටිපර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදීගොස් මෙම අනතුර සිදුවුණා.
එහීදී මර්ගය අසල සිටි මවක් සහ පුතුන් දෙදෙනා ටිපර් රථයට යටවී ඇති අතර මව මිය ගොස් තිබෙනවා.
පුතුන් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිමල් පුත්‍රයා දැඩිසත්කාර ඒකයේ ප්‍රතිකාර ලබනවා.
එම දරුවා මෙවර උසස් පෙල විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා.
මියගිය මව කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරතව සිට ඇති අතර පසුගියදා මෙරටට පැමිණි බවයි ඥාතීන් පවසන්නේ. මව සහ පුතුන් දෙදෙනා භාරයක් ඔප්පු කිරීම සදහා යමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව තිබෙන්නේ.
කෑල්ල ඌරුබොක්ක මාර්ගයේ තිත්තවැල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් ඕමල්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.
ඔහු 39 හැවිරිදි වියේ පසුවූ හාල්පන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ දී යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීයාමත් සමග එහි ගමන් කරමින් සිටි දරුවෙකු විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී තිබෙනවා.
ඉන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 4ක් වන පිරිමි දරුවා IDH රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.
පුල්ලියන්කුලම පුතූර් ප්‍රදේශයේ දී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට විසිවී ආරක්ෂක වැටේ ගැටී අනතුරක් සිදුවු ණා.
එම අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇති අතර පසුපැදිකාරිය තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණා.
