ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කරන වෙළදසැල් පාරිභෝගික අධිකාරිය මගින් අද වටලනු ලැබුවා.
ඒ ෙබෟද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි.
අටපිරිකර හා පූජා භාණ්ඩ අලෙවි කිරීමේදී වෙළෙදුන් කිසිදු තැකීමක් නොකර කටයුතු කරන බවට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව එම අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය නුගේගොඩ ප්‍රදේශයේ අටපිරිකර අලෙවි කරණ වෙළදසැල් පරික්ෂා කළා.
අටපිරිකර සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය 2015 දී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අටපිරිකරට අයත් පූජා භාණ්ඩවල උපරිම සිල්ලර මිල සහ නිෂ්පාදකයාගේ හෝ ආනයනයකරුගේ තොරතුරු මෙන්ම නිෂ්පාදිත දිනය සටහන් කළ යුතු වනවා.
එම තොරතුරු ඇතුළත් නොකර නිසි ප්රිමිතියෙන් තොර පිරිකර ද්‍රව්‍ය ඇතුළත් කර අලෙවි කළ අටපිරිකර මෙහිදී වැටලීමට ලක් කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8EKWxVHuLj0″]
