පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
ඒ 2025 – 2029 කාන්තා ලෝක කුසළාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක් දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා සහභාගී වීමටයි.
ඔවුන් සහභාගී වන එක් දින තරග තුන එළඹෙන 023 , 25 සහ 28 යන දිනවල හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව මෙම පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග එළඹෙන 07/31 , 08/02 සහ 08/04 දින වල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට ද සහභාගී වීමට නියමිතයි.
පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
