fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ 6 ක් සහ ස්වාධීන කණ්ඩායම් 10 ක් ඇප මුදල් තැන්පත් කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2023 17:38

පක්ෂ 6 ක් සහ ස්වාධීන කණ්ඩායම් 10 ක් ඇප මුදල් තැන්පත් කරයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා පක්ෂ 6 ක් සහ ස්වාධීන කණ්ඩායම් 10 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුරුණෑගල,  පුත්තලම,  කොළඹ දිස්ත්‍රික්කවල සියලුම සභා සදහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. එක්සත් ජාතික නිදහස් පෙරමුණ කොළඹ මහ නගර සභාව සදහා සහ එක්සත් කොංග්‍රස් පක්ෂය කල්මුණේ මහ නගරග සභාව සදහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ.

ජාතික ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම සභා සදහා ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා ඇප මුදල් තැන්පත් කිරීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරුණා. පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන ජයරත්න යන මහත්වරුන් එම අවස්ථාවට එක්වුණා.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය සදහා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් අද තැන්පත් කළා. ඒ පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර,  ලුණුගල සහ ඇල්ල ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පළාත් පාලන මැතිවරණයේ දී ස්වාධීනව තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් පිළිබද කළකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2023 17:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්