ශ්‍රී‍්‍ර ලංකාව සහ බංගලිදේශය අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ බංගලිදේශ කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුකර තිබෙනවා.
ඒ අනුව බංගලිදේශ කණ්ඩායම් නායක මස්රුෆ් මොටාසා වෙනුවට තම්මි ඉක්බාල් පත්කිරීමට බංගලිදේශ කි‍්‍රකට් ආයතනය පියවර ගත්තා. ඒ පුහුණූවීම් අතරතුර මස්රුෆ් මොටාසාගේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන්. එය සුවවීමට මාසයක් පමණ කාලයක් ගතවිය හැකි බවයි බංගලිදේශ කි‍්‍රකට් වාර්තා පවසන්නේ.
තුන් ඉරියව් කී‍්‍රඩක මොහොමඩ් සයිෆුදීන් ද ආබාධයක් හේතුවෙන් ඉවත් කර තිබෙනවා. සකීබ් අල් හසන් සහ ලින්ටන් ඩාස් පෞද්ගලික අවශ්‍යතා මත සංචාරයෙන් ඉවත්වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී‍්‍ර ලංකාව සහ බංගලිදේශය අතර පළමු එක්දින තරඟය ලබන සිකුරාදා පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස කී‍්‍රඩාංගනයේදී.
