fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරාජය වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සිය රට බලා ඒමට නොහැකිව එංගලන්තයේ

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 15:36

පරාජය වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සිය රට බලා ඒමට නොහැකිව එංගලන්තයේ

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත් වූ ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම යළි සිය රට බලා ඒමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටීමට සිදු ව තිබෙනවා.

ඉන්දිය කණ්ඩායමේ ක්‍රිඩකයින්,ඔවුන්ගේ පුහුණුකරුවන් සහ පවුල්වල ඥාතින්ට එංගලන්තයේ සිට ඉන්දියව බලා ඒමට අවශ්‍ය ගුවන්යානා වෙන් කර ගැනිමට නොහැකිවිම ඊට හේතුවයි. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන හෙට දිනය දක්වා ඉන්දිය ක්‍රිඩකයින්ට එංගලන්තයේ රැඳී සිටිමට සිදුවනු ඇති. ඉන්දිය කණ්ඩායමේ ක්‍රිඩකයින් කොටස් වශයෙන් බෙදී හෙට දිනෙන් පසු ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අවසන් තරගය සදහා  ඉන්දිය කණ්ඩායම ක්‍රිඩා කරනු ඇති බවට විශ්වාස කරමින් ප්‍රවේශ පත් මිලදී ගත් ඉන්දිය ක්‍රිඩාලෝලින් විශාල පිරිසක් ඒ අතර සිටින බව එරට ආරංචි මාර්ග සඳහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2019 15:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්