ජුනි මාසය සඳහා වන ලාෆ්ස් (Laugfs) ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර තිබෙනවා.
දැනට වෙළඳපොළේ පවතින මිල ගණන් ඒ අයුරින්ම ඉදිරි මාසය සඳහා ද වලංගු වන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ 6,245 සහ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ රුපියල් 2,500ක මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බව එම ආයතනය සඳහන් කළා.
