කැස්බෑ සංරක්ෂණය අරමුණු කරගනිමින් SLIIT ලියෝ සමාජය විසින් පැවැත්වූ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක් ගල්කිස්ස වෙරළ තීරය ආශ්‍රිතව පසුගියදා පැවැත්වුණා.
එහිදී ගල්කිස්ස වෙරළ තීරයේ කැස්බෑවුන් විසින් දැමූ බිත්තර විතැන් සංරක්ෂණයට ලක්කළ අතර කැස්බෑ සංරක්ෂණය පිළිබඳව පුද්ගලයන් දැනුවත් කිරීමද සිදුකෙරුණා.
මෙම අවස්ථාවට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් එක්ව සිටියා.
