ලෝකයේ ජීවත් වන මිනිසුන්ගේ සියයට 70ක් පමණ ඉතා කටුක ජීවිතයක් ගත කරන්නන් වන අතර ඔවුන් සිය ජීවිත කාලය තුළ කිසිදාක සතුටින් ජීවත් වූවන් නොවන බව ඔහායෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රිචර්ඩ් ඇමෙන්ඩ්රෝ වරක් පවසා තිබුණා. ඔහුට අනුව ලෝකයේ සතුටින්ම ජීවත් වන්නේ ලෝක ජනගහනයෙන් සියයට තුනක් පමණ වන පිරිසකි.
මොවුන් සතුටින් ජීවත් වීමට විවිධ හේතු ද තිබෙනවා. මුදල් අගහිඟතා නොමැති වීම, සාර්ථක පවුල් ජීවිත ගත කිරීම, සතුටු විය හැකි මට්ටමේ දරුවන් සිටීම, ලාභ ලබන ව්‍යාපාර තිබීම වැනි හේතු මොවුන්ගේ සතුට හේතු වී තිබෙනවා.
නමුත් මෙවැනි එකම හේතුවක්වත් නොමැතිව කෙනෙකුට සතුටින් සිටිය හැකි ද? පිළිතුර හැකි ය යන්නයි. ලොව ප්‍රීතිමත්ම පුද්ගලයාට ප්‍රීතියෙන් ජීවත් වීම සඳහා හේතු වේ යැයි සිතිය හැකි එකම හේතුවක්වත් නැත. නමුත් ඔහු ඉතා සතුටින් සහ ප්‍රීතියෙන් යුතුව ජීවත් වන්නෙකි.
නමින් මැතිව් රිකාඩ් වන ඔහු ප්‍රංශ ජාතික වැසියෙක්. නමුත් ඔහු මේ වනවිට ජීවත් වන්නේ Shechen Tennyi Dargyeling Monastery නම් වූ නේපාලයේ පිහිටි විහාරස්ථානයේ ටිබට් ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙසිනුයි. මේ වනවිට ඔහු 71 හැවිරිදි ය. ග්රන්ථ කතුවරයෙකු, ඡායාරූප ශිල්පියෙකු මෙන්ම දලයි ලාමාතුමාගේ භාෂා පරිවර්තකයෙකු ලෙස ද ඔහු කලක් සේවය කර තිබෙනවා.
1946 වසරේ පෙබරවාරි 15 වැනි දින ප්‍රංශයේ සැවෝ හි උපත ලද මැතිව් ප්‍රංශ දර්ශනවාදියෙකු වූ ජීන් ෆ්රැන්කොයිස් රෙවෙල්ගේත් චිත්‍ර ශිල්පිණියක සහ පසුකාලීනව බෞද්ධ භික්ෂුණීන් වහන්සේ නමක බවට පත් වූ යානේ ලි ටොමෙලින්ගේත් පුතෙක්. මැතිව් කුඩා කාලයේ හැදී වැඩුණේ ප්‍රංශයේ වුවද එය බෞද්ධ වටාපිටාවක් වුණා. එය ද ඔහුගේ සිතිවිලිවල සංයමය කෙරෙහි ඉතා තදින් බලපෑ බව ඔහුගේ අදහසයි.
ඉතා සාර්ථක අධ්‍යාපනයක් ලද මැතිව් සිය ආචාර්ය උපාධිය සඳහා නොබෙල් සම්මාන ලාභී අණුක විද්‍යාඥවරයෙකු වූ ෆ්රැන්කොයිස් ජේකොබ් යටතේ අනුක උත්පාද විද්‍යාව හැදෑරුවා. 1972 වසරේ දී ආචාර්ය උපාධිය ඉහළින් සමත් වූ මැතිව්ට අණුක විද්‍යාඥවරයෙකු ලෙස පත් වීමක් ලැබුණ ද ඔහු එය භාර ගත්තේ නැහැ. ඔහුගේ එකම අරමුණ වූයේ හිමාලයට ගොස් භාවනා කටයුතුවල යෙදීමයි.
ඒ අනුව ඔහු 1972 වසරේ අවසාන කාලයේ නේපාලය ඔස්සේ හිමාල වනය වෙත ගමනාරම්භ කරන ලැබුවා. මේ වනවිට මැතිව්ගේ භික්ෂු දිවියට වසර 45ක්.
ලොව ප්‍රීතියෙන්ම ජීවත් බව පුද්ගලයා මැතිව් රිකාඩ් බව පවසන්නට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. එය පර්යේෂණාත්මකව ද ඔප්පු වූවක්. ඒ 2004 වසරේ දී යි. සාමාන්‍යයෙන් සතුට නම් වූ මානව හැඟීම ඇති වූ විට මොළය මගින් ලබාදෙන පණිව්ඩ මගින් කෝටෙක්ස් නම් වූ හෝමෝනය නිෂ්පාදනය කරනු ලබනවා. එය, මැතිව් රිකාඩ් පර්යේෂණයට බඳුන් කළ අවස්ථාවේ වෛද්‍ය විශේෂඥයන් පුදුමයට පත් කරමින් නොකඩවා ඇඩ්රිනල් කෝටෙක්ස් මගින් හෝමෝන නිෂ්පාදනය වූ බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. මෙම පර්යේෂණය සුවිශේෂී ආකාරයේ පර්යේෂණයක්. එය සිදු කර තිබෙන්නේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ ස්නායු විශේෂඥ වෛද්‍ය රිචාර්ඩ් ඩේවිඩ්සන්ගේ ප්‍රධානත්වයෙනුයි.
මොළයේ ස්නායු සෛල ඔස්සේ සිදු කරන ලද මෙම පර්යේෂණය සිදුකිරීම සඳහා ගත වූ කාලය වසර 12ක් ලෙස සැළකෙනවා. මැතිව් රිකාඩ්ගේ හිස වටා මොළයෙන් පණිවිඩ ග්රහනය කර ගත හැකි ආකාරයට සවි කරන ලද ඉලෙක්ට්‍රෝඩ සංවේදක 256ක් මෙයට උපකාරී වී තිබුණා.
ඔහු පියවි සිහියෙන් සිටිනා අවස්ථාවල මෙන් නොව, ඔහු භාවනානුයෝගීව ගත කරන අවස්ථාවල ඔහුගේ මොළයේ සිට ඉතා සියුම් ආලෝක ධාරාවක් නිකුත්වන බව ද මෙම පර්යේෂණයේ දී හෙළි වී තිබෙනවා. එය පියවි දෑසට පෙනෙන මට්ටමේ ආලෝක ධාරාවක් නොව සුවිශේෂී තාක්ෂණික උපකරණවලට පමණක් සංවේදී ආලෝක ධාරාවක්.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නෙ භාවනා ක්‍රම මගින් සිත දියුණු කර ගත් පුද්ගලයන් වෙතින් පමණක් මෙම ආලෝක ධාරාව නිකුත් වන බවයි. අතීතයේ ජීවත් වූ සිත දියුණු කර ගත් මහ රහතන් වහන්සේලාගේ මෙන්ම බුදු රජාණන් වහන්සේගේ ද රූපවල අප දකින හිසට ඉහළින් වූ රැස් වළල්ල මෙය විය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/4wwwwwww.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/77777777777.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/9999999999999.jpg”]