හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් කොටදෙණියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොටදෙණියාව, හපුවලාන ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 225ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 165ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි හපුවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කොටදෙණියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
