98 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමකර ගැනීමට හොලිවුඩ් නළු “Michael B. Jordan” හැකියාව ලැබුණා.
”Sinners” චිත්ර පටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් “Michael B. Jordan” හොඳම නළුවා ලෙස සම්මාන මෙවර ඔස්කාර් සම්මාන රාත්රියේ දී සම්මානයට පාත්ර වුණා.
මේ අතර 98 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය මෙවර දිනා ගත්තේ අර්යලන්ත නිළියක වන “Jessie Buckley” විසින්.
ඒ, 2025 වසරේ තිරගත වූ ”Hamnet” චිත්රපටයේ දැක්වූ විශිෂ්ඨ රංගනය වෙනුවෙන්.
එහිදී ‘Weapons’ චිත්රපටය වෙනුවෙන් “Amy Madigan” හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තා.
එමෙන්ම “One Battle After Another” චිත්රපටය වෙනුවෙන් “Sean Penn” හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි කරගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මීට අමතරව “KPop Demon Hunters” චිත්රපටයට මෙවර හොඳම සජීවිකරණ චිත්රපටයට හිමි සම්මානය හිමිවුණා.
