යාපනය ප්‍රදේශයේ කැළි කසළ එක්රැස් කිරීමේ වැඩපිළිවෙළට සහාය ලබාදීමට ජපානය ඉදිරිපත්ව සිටිනවා.
යාපනය මහ නගර සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කැළිකසළ එක්රැස් කිරීම හා කළමනාකරණ වැඩසටහනට තවදුරටත් සහාය ලබාදීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ අනුව කැළිකසළ එක්රැස් කිරීමට උපයෝගී කරගන්නා ට්‍රක් රථ හතරක් යාපනය මහ නගර සභාව වෙත ඉදිරියේදී ලබා දීමට නියමිතයි. ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට පසුගියදා අත්සන් තැබුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුකියාමා හා යාපනය නගරාධිපති ඊ ආර්නෝල්ඩ් මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියා. බිම් මට්ටමේ මානව ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ.
