fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 16:14

රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

ඉතාලියේ රැකියා ලබා දෙන  බව පවසමින් මාතර හක්මන ප්‍රදේශයේ  පුද්ගලයින් දෙදෙනෙකුගෙන් මුදල් වංචා කළ කාන්තාවක ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය කළ වැටලීමකදීයී මෙම කාන්තාව අත්අඩංගුවට ගැනුණේ.  මීගොඩ විහාර මාවත ප්‍රදේශයේ  පදිංචි මෙම කාන්තාව අදාළ පුද්ගලයින් දෙදෙනාගෙන් රුපියල් දස ලක්ෂ පනස් දහසකට වැඩි මුදලක් ලබා ගෙන තිබෙනවා. එම කාන්තාව හෝමාගම කම්කරු විනිශ්ච සභා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා.  මේ අතර ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් හාරලක්ෂ පනස් දහසක මුදලක් වංචා කළ  වැලිවේරිය ප්‍රදේශයේ කාන්තාවක ද අත්අඩංගුවට  ගැනුණා. එම කාන්තාව ගම්පහ කම්කරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2019 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්