අම්පාර ඉගිනියාගල ප්රදේශයේ කළ වැටලීමක දී ගජමුතු 76ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. ඉතිහාසයේ මෙතෙක් සොයාගත් වැඩිම ගජමුතු තොගය මෙයයි.
අම්පාර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. එහිදී ගජමුතු 76 ක් ළඟ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අම්පාර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ග්රෑම් 580 කට වැඩි බරකින් යුත් ගජමුතු තොගයේ වටිනාකකම රුපියල් ලක්ෂ 65 ඉක්මවනවා. සැකකරු වයස අවුරුදු 67 ක් වන දේවාලහිද ප්රදේශයේ පදිංචිකරුවෙක්.