දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා .
ඒ ශ්රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ඊයේ (18) දින රාත්රී කාලයේ, මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්
මෙම මෙහෙයුම් මඟින් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දසදෙනා (10) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත්, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දොළොස්දෙනා (12) ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත් භාරදීමට නියමිතව තිබෙනවා .
